Friday, May 22, 2015

38. කෙලෙස තුටු කවි පබඳිමිද සකි?


නිමිත්ත : ඉයන්ගේ කමෙන්ටුවකට පිළිතුරකි





පිටි පැකට්ටෙක ගෙදර එනකම්
මග බලා උන් බිළිඳු දෙනෙතකි
මොණර කොළයට තිසරු මිලකර
දුවට කිරිපිටි ගෙනා අම්මෙකි

බිළිඳු කිරි සිනහවක් ඇසුමෙන්,
ලියකගේ මදහසක් දැකුමෙන්
ඉතින් ඔබ ඔය කියන විදියට
කෙලෙස තුටු කවි පබඳිමිද සකි?


8 comments:

  1. රත්තිගේ නැවුම් කිරි, පාත්තියෙ තම්පලා
    මිත්තනියගෙ සුව, එපා කිවු අම්මලා
    ගෙන්දගම් පොලවකට, පාත්වී ආවඩා
    පැකට් කිරි ගන්න දැන්, හොයනවලු මොනර කොල

    හෙමිහිටම ගල ගලා, සිසිලදෙන ගමේ වැව
    ඇසී බිළිදියගෙ හඬ, කිරි එරෙන අම්මලා
    ඉන්නෙ තව බලාගෙන එනකම්ලු ගම් බලා
    ගන්න බෑ ඒ සෙනෙහෙ, මොනර කොල ලොරියකට

    ReplyDelete
    Replies
    1. කොටුරූල් පොතක් වැනි,
      කතා නැති ගම,
      තම තමන්ගේ කොටුවල,
      කනබොන, ටෙලිවිෂන් බලන.

      Delete
    2. ගෝ ඉයන් ගෝ.. සෙට් වෙන්න වෙලාවක් නෑ.. ඊලඟ කවි මඩුවට අනිවා එනවා.. මේක පට්ට.. බස්සි මතකද චන්දනගේ 'බෝතල් වාසි' ගිය දුර? අපරාදේ ඒ මැට්ටා බ්ලොග වහලා දාල.. හික්. මේක ලියපු ටිකේ කවි කෑල්ලක්ම දාන්නත් තිබ්බා..

      Delete
    3. මේ කවි මෙශින් (බස්සි) එකත් එක්ක හැප්පෙන්න තනියම නම් බැහැ කල්යාණ මිත්‍ර මිතුතුමා. දහ දෙනෙක් වත් ඕනවෙයි ඔට්ටුවෙන්න

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පාට කූරට, පුයර සුවඳට
      කිරි සුවඳ යටපත් වෙලා අද
      හැල්මේ දුවනා අපේ අම්මලා
      මොණර කොළයට යට වෙලා

      Delete
  3. මොණර කොළ මිටියක්
    නැතිව ඇත්තෙම නැද්ද විදිහක්
    ගන්න එක කිරි පැකට් එකක්
    දුවව තුටු කෙරුමට වරක් හෝ දෙවරක්

    ඇයි නැත්තෙ ක්‍රමයක්
    ඔය ඉන්නෙ කොතෙකුත්
    දරු පෙම නිසාවෙන් මත්
    හෙරක් වුනු මවුන් ලොවේ කොතැනත්

    ReplyDelete
  4. කොටු තිබුණාට, කොටු පනිනව, අය එමට
    ගමදා ගියේ, යන්නට වගෙ, රජකමට
    නගරෙට ගිහින්, බණිමින් ඉඳ, ලා කුමට
    බැරිනං ඉන්ට, අකුලාගෙන, එනු ගමට

    ReplyDelete