Monday, May 25, 2015

40. අදවත් කලින් ගෙදර එන්න ළමයෝ!



නිමිත්ත :
කවුරු වගේද කියලා කවුරුහරි අහයි .!!! - රසිකා ගුණවර්ධන -




අදවත් කලින් ගෙදර එන්න ළමයෝ!

ඔය පරණ ඇල්බම් මට දෙන්න
ආ මෙන්න තේ බීල ඇඳගන්න
සිහිකල්පනාවෙන් කාරෙක එලවන්න
රස්සාවවත් ඉතින් රැකගන්න.

උඹේ හරි ලොකු හපන්කම් හිංද
මටත් බෑ පාරෙ බැහැලා යන්න
ඉස්කෝලෙ පොඩි එව්වො දකිනකොට
ඇස් දෙකම උතුරනව නොදැනීම

බීල බීලම නරක් කරගං අක්මාව
මං ඇහැක්කත් ඇරල බලන්නෙ නෑ ඔන්න
සුදුපුතේ අනේ හොඳ සිහියෙන් යන්න
උඹ ඔහොම අඬනකොට මට බෑ වාවන්න

4 comments:

  1. බැන බැනවත් ඉතිං.. හ්ම්ම්.

    ReplyDelete
  2. කොහෙන්ද මේ බස්සිගේ තවත් බ්ලොගක් හොයා ගත්තේ. බලාගෙන මල්ටිටලේන්ටඩ් මල්ටිබ්ලොගර් නේ.

    ReplyDelete