Wednesday, May 27, 2015

52. හීන් හිරිකඩයක් වගේ



image source : www.jenniferlynking.com

හීන් හිරිකඩයක් වගේ
යාන්තම් ඇවිත් නෑවිත් යන්න

පරණ ආදර කහට පැල්ලම්
හෙමින් දිය කර නික්මෙන්න
ආයෙමත් එකම එක හීනයක
මොහොතකට පෙනී නොපෙනී ඉන්න

හීන් හිරිකඩයක් වගේ
ඇහිපියන් තෙමා නොතෙමා යන්න

4 comments:

  1. හීන් හිරිකඩයක් වගේ..
    එන එන බවක් පෙන්නා..
    නෑවිත් යන්න..
    උදේ අවුවට දාපු
    රෙදි පෙරෙදි වී පැදුරු
    හනි හනික ගෙට ගන්න
    ආයිමත් දාන්න වේලෙන්න
    කොන්ද කැඩෙනකං දෙතුන් වතාවක්
    ආයි ඒකම ඒකම කරන්න
    .
    .
    .
    .
    .
    මොන මඟුලක්ද මේ..
    වහිනවනම් වහින්නෝනේ
    පායනවනම් පායන්නෝනේ..
    හැක්.

    ReplyDelete
  2. Replies
    1. වෙන නැතිවට .......මංගලගේ මොංගල් නඩේ "නෙළුම් යාය"

      Delete
  3. ලස්සන කටි පොඩ්ඩ
    ජයවේවා බස්සි!

    ReplyDelete