නිමිත්ත :
"
මල් පිපෙන අහස මම නම්" : ශසිකා අමාලි මුණසිංහ ('කඳු' බ්ලොග් අඩවිය)
දුල් කිරණ සඳෙහි ඔබ නම්
හද කුමුදු විලක සැඟැවෙයි
විල් දියෙහි දිවෙන සඳකැන්
කොඳ අමොද රසෙන් සැනැහෙයි
පුල් පියුම්වලට කලියෙන්
සඳ සිහින තුලට කිමිදෙයි
ඇල් කඳුලු විලට වැටුනත්
අද අමාවකැයි නොදනියි
මග බලන දෙනෙත් මැලැවෙයි
හප්පා ... සුන්දරී මං ඔයාගේ කවි ආලෙන් මත් වෙලා සුදෝ...
ReplyDeleteසෑහෙන්න බොන්න ඕනෙ ප්‍රස්නයක්!
Deleteඇත්තමයි නංගි ඔයා ලියන කවි දැක්කම මටත් කවි ලියන්න අසා හිතෙනවා
ReplyDeleteඒත් ඔච්චර ලස්සනට බැහැ නෙව
ඕනෑම කවියක, ඊට ආවේණික ලස්සනක් තියෙනව.
Deleteබස්සීගේ නවාතැනට නානසාරගේ අබ සරණයි වගේ.. :(
ReplyDeleteඅලුත් එකක් දැම්මා.
Deleteසුපිරි
ReplyDeleteමග බලන දෙනෙත් මැලවෙයි
ජයවේවා අක්කේ!
තැන්කූ මලයා
Deleteභාවිතයේ අඩු වචන භාවිතා කළ පමණින් කවියක් නිර්මාණාත්මක හෝ විශිෂ්ට වෙන්නේ නෑ. ඒ ගැන හිතන්න නැවත.
ReplyDeleteකවියේ තේරුම පොඩ්ඩක් කියන්නම් ද ඉඳිකටුස් අයියේ?
Deleteඔබ දිදුලන සඳ කිරණක් නම්, මගේ හදවත කුමුදු විලක (කුමුදු පිපෙන්නේ රෑට) සඟවමි. විල් දියට වැටෙන සඳකැන් හා මුසුවූ කොඳ (ජලකර පුෂ්ප කිණිති) අමෘතය වැන්න. ඒ රසින් සැනසෙමි.
නෙළුම් පිබිදෙන්නට පෙර, (පුල් පියුම් = පිපුනු නෙළුම්, දිවා කල එලැඹෙන්නට පෙර.) සඳවත සිහිනයක සඟවා ගනිමි. (කුමුදු මල් සිහින දකින්නේ දිවා කල්හි ය. පෙර දා රැයේ විඳි සඳ කිරණ ගැන දිවා කල පුරා කුමුදු මල සිහින දකියි)
පසු දින අමාවක ය. පසලොස්වකට පසු අමාවක එලැඹීම නියත දහමකි. (සතුට පසුපස දුකද, ප්‍රේමය පසුපස විරහවද මෙන්) ඒ බැව් කුමුදු මල නොදනියි. තවද මග බලා හිඳී. රැයෙහි අවසන දෙනෙත් මැලවෙයි.
තේරුම දැනගත්තාම කවිය තවත් ලස්සනට පේන්න ගත්තනෙ. කොහොමද අප්පේ මෙහෙම කවි ලියන්නෙ? :D
Deleteමේවගේ සංකීර්ණ ප්‍රශ්ණ නිසා තමයි ගල් හා පොල් වශයෙන් අරක්කු හදලා තියෙන්නේ :)
ReplyDelete