Thursday, May 28, 2015

54. වීදියේ මල් ළදැරි





දිය සෙවෙල් දිය කරන් දිය බිඳිති වැටුනේය
දුබල දිග අත් පසුරු කානු බඳ වෙලුනේය
සිහිනි දූවිලි බිඳිති පිරිත් පැන් ඉහිරී ය
ඉරත් සිය අත් විදා පඳුරු හිස අතගෑ ය

සීත මල් සාප්පුව තාප්පෙන් වට වී ය
උසැති කුලවත් කුසුම් ටිෂූවල එතුනා ය
බරැති වාහන වලින් මැදුරු වෙත එළැඹී ය
සුර මිහිර දෙන සාද වට මේස සැරසී ය

පඳුරු හිස සුළඟකට රහස් මුමුණා කී ය
කෙසඟ උරහිසක හැඩ කහ මලක් පිපුනා ය
මල් ළදැරි වීදියට එබී සිරි වින්දා ය
උඩඟු කාරයක් මල් මුවට දුම් පිම්බා ය


3 comments:

  1. අගෙයි.. දුප්පත්ව ඉපදීමේ පවින් මිදෙන්නට මලකටවත් බෑ නේද?
    උඩඟු කා-රයක් ලෙස කැඩී කියවිය යුතුයි තාලය රැක ගන්න..

    ReplyDelete
  2. ඈත කඳුකර සීත විඳගෙන මලක් වී පිපුණා
    සීත අතකින් කුලී පඩියට නෙලාගෙන පොකුරක් වුනා
    භීත ගෙන දෙන හඬක් නගනා දුම්රියෙන් අගනුවර ඇදුනා
    රෑට බිය නැති මනාලිගෙ අත් මැද්දෙ හිනැහී හිනැහි හිටියා

    ReplyDelete