Thursday, May 21, 2015

31. ඉතා කෙටි කලබල සිහින.




නීරස මීටිමක,
උණුසුම් වාද පිටියක,
විඩාබර දෙසුමක,
නෙත් පියන් බරවෙන ඇසිල්ලක,

පිටු අගිස්සක කුරුටු ගෑවෙයි,
ඉතා කලබල සිහින.


හැල්මේ දුවන නගරෙක,
අධිවේගයේ දුවන බසයෙක,
ජනේලයකට කොපුල තදකර,
හිත ඈත ඇවිදින විරාමෙක,

ජංගමය තුල බිහිවෙයි,
ඉතා කෙටි
කම්මැලි සිහින.


බත ඉදෙන තුරු හනික,
වර්ණ ගැන්වෙන සිහින...
ගවුම් කොලරය මදින අතරෙත්,
සෙමින් මිමිණෙයි,
අමුතු තනුවක සිහින...


විටින් විට උඳුනේ පියන හැර,
බේක් කල නීරස,
කේක් ගෙඩියක් වැන්න,
තැනින් තැන කඩතොලු වුන,
මම ලියන - මගෙ සිහින


සීත සෘතුව  එලඹි කාලෙක,
මටත් මවතැකි දිග සිහින.
ගෙලෙහි මෆ්ලරයක් බැඳ,
කිමිදෙමින් උණු කෝපි බඳුනක,
එතකොට මම දකින්නෙමි,
පියෙවි කඩතොලු නැති සිහින...

අතැඟිලි වාරු තිබුනොත්,
අකුරු කර අමුණා තියන්නම්,
දුම් දාන උණු උණු සිහින...





2 comments:

  1. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් එකතු කරන්න. පහතින් අපේ සින්ඩියට ඇවිත් ඔබේ බ්ලොග් පිටුවේ ලින්ක් එක අපට මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete