Friday, May 22, 2015

37. අමතකම වෙලා ඇති




තිගැස්සුම් දෙමින්
පිපිරෙන්න හැකි බව
ක්ෂණයකින් ගිනි පුළිඟු
පුබුදන්න හැකි බව
ඇතුලතින් දැල්වෙන්න හැකිබව
අමතකම වෙලා ඇති
පත්තු නොකරපු උණ්ඩයට

උහුලන්න අපහසු නෙව
තුවක්කුව තුල කෑගහන මලපාළුව

බිම් කලුවර වැටෙනකොට
කොන්තයක් මිටින් අරගෙන
ඔරසම් කියනවත් ඇති
ගීතිකාවක් දෙකක් මුහු කර

අමතකම වෙලා ඇති
ඇතුලතින් දැල්වෙන්න හැකි බව
පුළිඟු දහසක් උපදවන්නට හැකි බව



1 comment:

  1. කිව්වා ඔරසමක් කොන්තයක් අතින් ගෙන
    දෙවියන්ට කිව්ව මම මගේ මේ අවනඩුව
    ඉල්ලුවේ හදවතක් කොකා ගස්සන උන්ට
    දරුපවුල් කාරයොලු කොකා ගස්සන උනුත්

    ReplyDelete