Tuesday, May 26, 2015

47. කුඩා දියකිඳුරිය






කුඩා දියකිඳුරිය,
දැන් ඉතින් උගත යුතු,
දිව පරෙස්සම් කරගන්න.
වරල් වාගෙද දෙපා?
කෙලින් වී ඇවිදින්න.
අති උච්ච ස්වර මුහුදු පතුලට විසිකර,
පිරිමින්ට ඇහෙන රළු ස්වර වලට හුරුවෙන්න.

සිහි තබා ගත යුතු,
නැටුම් ආලින්දයේ “බඩුවක්” නොවී “තරුවක්” වෙන්න.
තියුණු කඩු, පිහි දාර,
තවම යටි පතුල් පාරවන බව දැනගන්න.
වගක් නෑ වගේ ඔහෙ හිනැහෙන්න.
ඒ උනත් රිදුනු තැන් මතකයෙන් නොමකන්න.

හොඳ හැටි පුහුණු විය යුතු,
අහිමි පෙම ගැන නොතැවෙන්න.
බර කිණිස්සක් තනි අතින් ඔසවන්න
තිගැස්මක්වත් නැතිව ඇන ඇන පලිගන්න.


1 comment:

  1. //නැටුම් ආලින්දයේ “බඩුවක්” නොවී “තරුවක්” වෙන්න.// මේ ටිකට මං තවම ආස නෑ. :(

    ReplyDelete