Monday, May 25, 2015

43. මට වුවමනා දේදුන්නක් වෙන්න






මට වුවමනා දේදුන්නක් වෙන්න. නීරස ඒක වර්ණ මලක් වෙන්න නෙමෙයි.

දේදුන්නෙ කහපාට ඇහැල මල්වල කහපාට තරම් ප්‍රබල නොවෙන්න පුළුවනි.
වයලට් මල් දේදුන්නෙ දම්පාටට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නව ඇති.

හැබැයි,
දේදුන්නෙ තියෙනවා පාට හතක්!
එකිනෙකට වෙනස් පාට හතක්, ඒ ඇතුලෙ තියන අනු වර්ණ දහස් ගානක් එක්ක!
අන්න ඒකයි දේදුන්නක තියෙන විශේෂත්වය. 
දිව්‍යමය සිහින හා බැඳුන විශේෂත්වය!!

3 comments:

  1. දේදුන්නක් වෙන්න හැබැයි තාවකාලිකයි... පුළුවන්නන් හුස්මක් වෙන්න අවර්ණයි හැබැයි සදාකාලිකයි ! 

    ReplyDelete
  2. මට ඕනෙ සුදු වෙන්න.. හැක්.. ඒකෙ ඔය හැම පාටක්ම තියෙනවානේ..

    ReplyDelete
  3. පුළුවන් නම් හිරුකිරණක් වෙලා දියබින්දුවක් තුළින් යන්න.එතකොට උණුහුම තෙතමනය දැඩි ශක්තිය වගේම දේදුන්නේ සංකලනයත් තියෙනවා.

    ReplyDelete