Friday, May 29, 2015

56. ඉතින් අහිමිද අපිට කවි කම්?





පැසුණු හිස් – රන් උපැස් 
දිග රැවුල් – ඇදවුනු තොල්
අවැසිමද කවියකට ඉසියුම්?

මත් – විරිත් – අකුරෙන් අකුර ගැලපුම්
යවහන් දොසැර අත් බැඳ දිමුතු-මුතු යදමින්
එතකොටද කැප කවිකම්?
කැපවෙන්න නංගි කවිකමට දිවිහිමියෙන්!
ගුරුකුලයකින් ලැබෙත් ඇරයුම්…

හතරේ කණිසමට පිබිදෙන
හොදි උයන – බත් මුල් බඳින
හෑන්ඩ් බෑගය බදා බසයෙක එල්ලෙන
ගැස්සි ගැස්සී යන’තර අකුරු අමුණන
අළු දැරියෙක්මි මම නම්
ඉතින් අහිමිද අපිට කවි කම්?


13 comments:

  1. නූතන කවි පරපුර ඔබයි.. එය ඉදිටියට ගෙන යෑමද ඔබට බාරයි..

    ReplyDelete
  2. අපිට මෙලෙසින් ලියන්නට
    කවියක් දෙකක් හරි අපූරුවට
    නොහැකි කිමදැයි
    කියන්නට පුළුවන්ද නුඹට

    කෙතරම් දඟලුවත් නොහැකි තැන
    මෙය අසමි කවි ලියන උන් දකින හැමතැන
    පිළිතුරක් දෙනු ඇතැයි සිතමි මම .............. :D

    ReplyDelete
    Replies
    1. යසට කවි ඔය ලියන්නේ
      ඇයි ඉතින් බෑ කියන්නේ?

      Delete
  3. බොරු කියන්න එපා කර් එකේ නේද යන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔයත් එක්ක බෑනෙ ඉතින් :3

      Delete
  4. උඹ ලියන මේ හරබර අරුත් මනබඳින වදන් එක්ක
    උඹ අළු දැරියක් කියන්නෙ කොහොමද මගෙ නංගියෙ?

    ReplyDelete
    Replies
    1. අරුත්බර මනබඳින වදන්!! තැන්කූ හොඳේ!

      Delete
  5. දැනෙන්නට තවකෙකුගෙ
    හදවතට හැඟීමක්
    ඉතිරි කර හැකි නම් තවකෙකුට
    සිතන්නට යමක්
    ඔබේ කවියෙන්
    හිමිය නුඹටත් කවිකම්

    ReplyDelete
  6. ඇහැරී හතරට පිසලා මසවුල්
    දුප්පත් දාසිය කැහැටු වෙලා
    නෝනා කෑවා අයි පොඩ් කොටමින්
    දංකුඩ පමනක් ඉතිරි කලා

    ඇස් දල්වාගෙන බලාහිටියෙ ඇය
    ඉස්තූතියවත් කන්න කියා
    නැග්ගා නෝනා අස්සකරත්තෙට
    අළු දැරියන් ගැන කවි ලියලා

    ReplyDelete