Wednesday, May 20, 2015

12. ඔයාට බැරිද විලක් වෙන්න?

 



මං හඳක් වෙන්නම්
ඔයාට ඕනෙමද ගඟක් වෙන්න?

සීරුවට සීරුවට ගලනවද?
මිටියාවත්වලට හොරෙන් වගේ
නැත්නම් ඉහිරේවි මගෙ සේද ගවොම්
වස කැතයි පොඩිවුනොතින්

පිම්මෙ යන්නම ඕනෙද?
අපිළිවෙල ගල් පතුරු මැද්දෙන්
කැඩුනොත් එහෙම මුතුපොට
දන්නවනෙ මුතු ගිනි ගණන්
පැටලෙද්දි කෙහෙරැල් කරාබුවෙ
මහා වදයක් මටනම්

එහෙනම් ඉතින් මං හඳක් වෙන්නම්
ඒත්
ඔයාට බැරිද විලක් වෙන්න?
අන්න එතකොට මටත් පුලුවන්
ඩයනා වගේම හිනාවෙන්න.

5 comments:

  1. හාාාාාා එහෙනං ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  2. ලිහිණියනේ පියාඹන්න..
    බාර් එකක් සොයා යන්න..
    මට පිපාසේ බව පවසා..
    ගල් කාලක් අරන් එන්න..

    http://gal-arakku.blogspot.com/2010/03/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. හැක්! අදමයි ඇහුවෙ. තැන්කූ විදානේ....

      Delete