කලා සොලොස පිරි ආඩම්බරේ මැද
විදා රන් කිරණ රෑ කඩතුරා බිඳ
කඩා ඉහිරවා තරුවක හිනා පොද
අමාවකට වත් හඳ නැති එකයි හොඳ
මවා අඳුරු සෙවනැලි තුරු හිසින් ඇද
තෙමා ලදළු මුව සීතල හාදු ඇඳ
නිවී හැංගෙනා පිණි කඳුලැල්ල මැද
අමාවකටවත් හඳ නැති එකයි හොඳ
සරා සිහින අතරේ යහනතට වැද
නුරාවෙන් අඳුන් තවරා දෙනෙත් බැඳ
පෙරා මධු මිහිර හදවත කරන අඳ
අමාවකටවත් හඳ නැති එකයි හොඳ
No comments:
Post a Comment