Wednesday, May 20, 2015

27. මගෙ නොවන මගෙ කවිය






සාගරේ කළඹලා - වදන් මුතු වැල් නෙලා
ආදරේ රන් හුයක - සීරුවෙන් අමුණලා
කඳුලකින් මුතු කළඹ - ඔප දමා සරසලා
මගෙ නොවන මගෙ කවිය මම පවනෙ පා කලා

මද පවන රුදු වෙලා - වියරු සුළි කැරකිලා
ධූලි ගිනියම් වලා - නෙත දවයි මා වෙලා
දනිමි හද පෙලන බැව් එක හෙලා,
හිඳිමි එනමුදු තවම මග බලා

දෙනෙත් හැර බැලිමි රුදු කුණාටුව වියැකිලා,
ගෙතූ කවි වැල් ලිහී මුතු දසත විසිරිලා.....
මගේ හද මියැදිලා
ඉදින් මට පලක් නැත වැලපිලා......

2 comments:

  1. මගේ සඳ වියැළිලා
    ඉරේ ගිණි දැල්විලා
    කොහේ හරි හැංගිලා
    ඔහේ ඉන්නම් බලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිචී අයියේ!

      Delete