13. පැටලිල්ල
හිරුගෙ උනුසුම හදම පුබුදා
සදා සොම්නස් සුවය දුන්නේ
හිරු රැසින් මිදෙනා ඇසිල්ලෙහි
නෙත් කොනින් තරු රුව සොයන්නේ.....
මහරු මිණියෙන් දිවිය හැඩකර
රනින් කිරුලක් පළන්දන්නේ
අඳවු දෙනෙතින් - කිරුලු නොතකා
තිරිවාන කැටයක් සොයන්නේ......
වරද කොතැනද?
සැලෙන හදකද?
කෙලෙස පැටලුම
ලෙහා ගන්නේ?
මෙයද නිවරද?
නොවෙන මන නඳ
එයද මනුසත්
ගතිය වෙන්නේ?
නෙතු පියන් තදකර වසන්නේ
සවන්පත් දොරගුළු දමන්නේ
හදට තරවටුවක් කරන්නේ
හිරු රැසිනි මම ලොව දකින්නේ
අනේ සඳ සිසිලක් දියන්නේ..........!
No comments:
Post a Comment