Friday, May 29, 2015

55. තිස්ස නවතින්න!



තිස්ස නවතින්න!

එක්ස්ට්‍රීම්ලී සොරී -  නවතින්න නම් බැරී
මෙන්න මගෙ කාර්ඩ් එක - අටෙන් පසු අමතන්න

සැරිසරත් මෙ'වනයෙහි යොවුන් මුව පොව්වෝ
කලුදියෙත් කිමිද උන් සිප්කිරිම සෙව්වෝ
බැනර් - කටවුට් - පෝස්ටර් -  හෑන්ඩ් බිල් විදිමි
නොපිට පෙරැලූ වදන් ඇමිණු දුනුදිය අදිමි

එහෙ තිබුනු අඹ ගසුත් කැපුවා
මෙහෙ තිබුනු අඹ ගසුත් කැපුවා
අඹ ලෑලි ඩෙස් බංකු තනවා - හෝල් ඇතුලට ගාල් කෙරුවා
වනමලින් පිරි - සමනලුන් සැරි - හරිත සිතුවම් එඩිට් කරවා
ලැමිනේට් පිටකවර තනවා - ටියුට් බෙදුවා

ඔව් මේ ඉතිරි අඹ ගස මට මහත් අගී
මගෙ නම් පුවරු එල්ලා ඕ හිඳිත් නැගී

ෆ්‍රී කාර්ඩ් දෙනවදැයි විමසන
නොනෑයොත් නෑකම්ම පවසන
මෙවන පෙදෙසෙහි මොණරු නැත්නම්
නෑයෝද නැත - නොනෑයොත් නැත


4 comments:

  1. ලොරි බොඩි ගහන්නත් කියාපූ ලීය අඹ. බාස් බාස් මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද? නැත නැත ස්වාමීනී කැලෑ පාළුවෝ හැම අඹ ගසක්ම කල්ලතෝනි ගැහුවා

    ReplyDelete