Thursday, May 21, 2015

33. ඉහිල් වීමේ සැසි






උසුලන්ට අපහසුම
මහ බරැති හැඟිම් කැටි
තීන්තෙක පොඟවගෙන
කරදාසි මත ඉසිමි

කිමද ලතැවෙනු,
කියවා අඳුරු කවි,
නොනැවතී එතෙකින්,
ඔසවා දැදුරු කරදහි?

භාවනාවකි කවිකම
නිවීමකි, සැනසීමකි.
හංසවිල ඉඟි නලුවකට පෙර
ඉහිල් වීමේ සැසියකි.


15 comments:

  1. හුටා පෝස්ට් තිස්තුනයි පිට පිට.. වෙලාවට වැඩි හරියක් කියවලා තියෙන ඒව.. මේ ඉරිදා දවස වෙන් කරන්න ඕනි බසුකවි පිටුවට.. ජය වේවා! මාව බඳවගනින් බසුකවි සමාජේ ඉස්තීර පාඨකයෙක් විදියට..

    ReplyDelete
    Replies
    1. හිහී! අනිවා! තැන්කූ කලා!

      මේ එහෙ මෙහෙ ලියපු කවි එකතු කරන දවස්නේ. ඒ නිසයි පෝස්ට් වැටීමේ සීඝ්‍රතාවය වැඩි.

      Delete
  2. බස්සි............... කවි පිටුවක් කරන්න හිතපු ඒක ගැන පුදුම සතුටක් තියෙන්නේ.... අපි ඉතින් කවි කිව්වොත් කකුල් දෙකම ඉස්සරහා තියලා ලැහැස්තියි.... උත්තර කවිවත් ලියන්නම්කෝ... සහයෝගයක් විදිහට කුරුටු සින්ඩියටත් දාගත්තා.... අනවසරයෙන් ම .......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු! මේ දෙන සහයෝගය ගොඩාක් වටිනවා!

      Delete
  3. අඩොව් මාවත් හොඳේ..කළණේ විතරක් නෙවේ හරිය.

    ReplyDelete
  4. සිනාසෙන බිලිඳියක,
    කුල ගෙදර යන ලියක,
    තොල් අතර නෙත් කොනේ
    නොදුටුවේ ඇයි
    නොබැලුවේ ඇයි ,
    දිලිසෙනා හිරු කිරණ
    කිමඳ ලතැවෙනු
    ලියමින් අඳුරු කවි

    ReplyDelete
    Replies
    1. පිටි පැකට්ටෙක ගෙදර එනකම්
      මග බලා උන් බිළිඳු දෙනෙතකි
      මොණර කොළයට තිසරු මිලකර
      දුවට කිරිපිටි ගෙනා අම්මෙකි

      බිළිඳු කිරි සිනහවක් ඇසුමෙන්,
      ලියකගේ මදහසක් දැකුමෙන්
      ඉතින් ඔබ ඔය කියන විදියට
      කෙලෙස තුටු කවි පබඳිමිද සකි?

      Delete
  5. රායිට් …… අපි ආවා !!

    කුකුල් අණ්ඩකුයි ඈෂ් ට්‍රේ එකයි දියං :D

    ReplyDelete
    Replies
    1. ඇයි කුකුල් අණ්ඩ පත්තු කරලා අළු ටික එක්කහු කරගන්නද? :P

      Delete
  6. ඔන්න බස්සි මාත් ආවා හොඳේ :D.
    බුකියෙ වගේම ලස්සන කවි වලින් මේ බ්ලොගත් පුරවන්න ලැබේවා!!!
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි මනා!

      Delete
  7. උහුලන්ට අපහසු නිසාවෙන් විසුරවමි
    හැඟුම් තීන්තෙන් පොඟවමි
    හැඟුම් සිත්තම් කැන්වස් මිලකරමි
    හෙට්ටු අතරේ මට්ටු වී විකුණමි

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාවක් කිචි අයියේ

      Delete
  8. ගෙතු පද වලට හිත බැඳුනා මෙහි බෝම
    කවි පිලිතුරක් ගෙතුවා ඒ හින්දාම
    තව පද බඳින්නට ඔබහට හැමදාම
    සුබ පතනවා බස්සී හදවතින් මම

    ReplyDelete