Tuesday, May 26, 2015

45. ආදර රසායන





ගැඹුරු දෙනෙතකි එකල
බියුරෙට්ටු කරාමය ළඟ සිහින් වෙන
දිගැටි අතැඟිලි වලින්
වගු අඳින, මැන මැන ලියන
ඇල ඉලක්කම්වලින් සුදු පිටු පුරවන

අතේ ගෑවී නොගෑවී යන
රතු රිබන් කොණ්ඩා කරල් දෙස
වැරදිලාවත් නොබලන,
රූල් කොලයක ලියූ කවියකි
රක්ත තප්තවු කෝව පත්ලෙහි අළු වුන

නිල් පැහැති බන්සන් දැල්ල වැද
නොහෙලු කඳුලක්
ඇස් අගිස්සෙහි වියලෙන


7 comments:

  1. දැන් බස්සි හිටු කියල කවි ලියනව වගෙ. හෙහෙ
    ඔය බන්සන් දැල්ල එහෙම අපේ ආට්කාරයන්ට ටිකක් ආන්ද්‍ර තමිල් ද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. දැන් ඉස්සර තරම් කවි ලියන්නෙ නෑ. :D

      එයාලා ඕ ලෙවල් සයන්ස් ලැබ් එකේදි ඔය සේරම දැකල ඇති. දැන් අනුමාපන පවා සිලබස් එකේ තියෙනව නේද?

      Delete
  2. කෙමිස්ට්‍රි කරපු සර් නෙවෙයි ඇප්ලයිඩ් උගන්නපු ලස්සන චූටි මිස්ව නම් මතක් උනා.. :p

    ReplyDelete
  3. කවි ලොසින්ජරේ...මේක පොඩි සයන්ස් ගතියක් තියේ නේද? :) කව්ද මේ ගැඹුරු දෙනෙත? බසු අයිය වත්ද ? :)

    ReplyDelete
    Replies
    1. බස්සා කෙමෙස්ට්‍රි කලේ නැහැ නේ.

      Delete