Wednesday, May 20, 2015

4. විවර්ණ






දේදුනු වර්ණ කලතා
පියවි ලෝකේ
ඇන්ද ආදර ෆැන්ටසි

පාට එකිනෙක ගලවා
හීනයෙන් හීනයට තවරා
වසා නෙත් යුග
හොරෙන් විඳිනෙමි

රුසියන් සිනහවේ
ඇත ඔබේ වම් කම්මුලේ සුලිය,
ප්‍රංශ නෙත් යුග මත
දිටිමි ඔබෙ දිගු ඇහිබැම,
රෝස ඉන්දියානු මුහුණත
දිලිසුණිය ඔබෙ නිල් ඇස්

ඔබ විවර්ණය
සිහින ලොව මම 
අවර්ණය.


8 comments:

  1. චැහ්.. මං දුර්වර්ණය..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  2. දැං ඔහේ කිව්වා නේද මේකේ දවසට එක ගානේ දානවා කියලා..

    කෝ ???????????????????????????????????????????????????????????????????????????

    ReplyDelete
    Replies
    1. හා දැන් ඔහේ කියන්නෙ මේක ලංකාව නෙමෙයි කියලද?

      Delete
  3. බස්සි අක්කේ ඇයි දැන් ඔයාලගේ ඇනෝ ඔප්ෂන් එක අයින් කරලද.

    ReplyDelete
    Replies
    1. මොකක්ද කියන්නකෝ ඇනෝ එන්න තියෙන උවමනාව?

      Delete