Thursday, January 12, 2017

215. ඔබ නිදයි



හීතලේ නිදිගත්තු
කුඩා කුරුමිණි සත්තු
මීදුමෙන් වැසීගත් අධිවේග මාවතේ
පාද විදහා ඈනවිලි හරියි

මීන නෙත් යුග පියා
ආසනය මත ගුලිව
ඔබ නිදයි

ක්ෂීන වූ ස්නේහයක
බිඳුණු නටඹුන් කැබලි
ක්ෂීර සාගරය බඳු කොපුලතක
රැලි සරැලි අතල සසැලෙනු පෙනෙයි

කුඩා කුරුමිණි සත්තු
කිඳා බැස හදවතට
මා පෙළයි

වගේ වගකුත් නැතිව
ඔබ නිදයි

No comments:

Post a Comment