Friday, January 13, 2017

265. එකොළොස් වසක් එපිට



එකොළොස් වසක් එපිට
එකොළහ පන්තියේ කුඩා කෙල්ලක්
ඇද අකුරු පොදියක් ඉරාගෙන හිස පොවයි

විමපත් සුස්ම පරහක් වැදී
කෙහෙ අගිස්සෙහි රතු රිබන් පටි සැලෙයි
“හිනාවක් මූණෙ නැති
මහා නපුරෙක් තමයි”
සිඟිති තොල් ලිහී දත් කැට පෙනෙයි
පිණි ජම්බු කම්මුලක්
විහිලුවට කොනිත්තන්නම හිතෙයි

එකොළොස් වසක් මෙපිට
අඳුරු ශීතල රටක
අහඹු වැලි කැටක් වැද
ඇහැ කෙවෙයි

1 comment:

  1. මැතිණිය. ලොසින්ජර් මල්ලක්ම ගිලමින් එන විට.. තවත් කුඩා පැකට්ටුවක් තිබෙනු දැක වහාම සීනි බලන්නට යමි.

    ReplyDelete