Friday, January 13, 2017

264. අදිසි ලෝගුව



නො රිංගා ඉන්නයි තිබුනෙ අපිට
අදිසි ලෝගුව ඇතුලට

උණුහුමයි තමයි වැඩියෙන් වෙනදට
හීන අල්ලාගන්න ලේසියි 
අපිට අපි නොපෙනෙනකොට
මදුරුවෙක්වත් විදින්නෑ 
හුළඟක් වගේ හමාගෙන, හඹාගෙන යනකොට

ඒ වුනත් ළඟකදි හිට
අයිස් අත්ලක් එතී ගෙල වට
‘තනිකමක’ මිටි ගුලි පහර පිට – පහර දෙයි ඉහ මුදුනට

අන්න ඒකයි මං කියන්නේ
නො රිංගා ඉන්නයි තිබුනෙ අපිට
අදිසි ලෝගුව ඇතුලට

1 comment:

  1. නොදැනූනේ ඇයි
    අදිසි ලෝගූව
    සඟවනුයෙ අප
    රිංගු පසු බව...

    නොහැඟුනේ කිම
    එතෙක් අප දෙස
    සුවහසක් නෙත්
    බලා වූන් වග...

    නොදැනුණේ කිම
    සොඳුරු සිහිනය
    තනිකමින් යළි
    විසුණු වන බව...

    ReplyDelete