Thursday, January 12, 2017

239. ශෝකභරිතයි හිතෙන තැන්



මිහිදුමෙන් සැඟවීගත්
ගිරිශිඛරයක හිසක
පබළු මුතු අමුණනවැති
සිඟිති වනදෙව්ලියක

ශෝකභරිතයි හිතෙන තැන්වල
ශෝකයම නොම විය හැක
සැඟව ඇත්තේ මිතුර!

1 comment:

  1. මාලතී මල් ගැවසි
    ගෙතූ දිගු වරලසෙහි
    මල් සුවඳ ඉතිරිවෙයි
    හලා පීරෑ පසුද

    රැයේ සඳ එබෙන සඳ
    නැගෙන සුසුමක අගට
    එකතුවී පාව ගොස්
    තැවරෙන්න සිහිනයක

    ශෝකයය කියන්නේ
    කෙස් අගිසි වල රැඳුන
    අන්න ඒ මල් සුවඳ
    අවුස්සන හිතිවිලිය

    ReplyDelete