Thursday, January 12, 2017

218. ඇදහැලෙයි රැස් ගඟුල, සඳවතේ



ඇස් මතට හිරු කඩා වැටුනත්
සිහින අවතැන් වී නොයේ
හිස් හිතක් පොඟවා හරින්නට
මධු බඳුන් දහසක් තියේ

සිපුම් පහරක් වැදුන
සියුම් මිහිදුම් ලකුණු
සටහන්වු කැඩපතක මුදු මුහුණතේ
ඔබේ දෙකොපුල් මැවී
ඇදහැලෙයි රැස් ගඟුල, සඳවතේ


අන්න ඒ තත්පරේ
ඉකි හඬද දැහැනකට සමවැදේ
හදේ ගැඹුරුම තැනක
ප්‍රේමයක කටුසටහනක් ඇඳේ

No comments:

Post a Comment