Thursday, January 12, 2017

228. කොට්ට උර භීෂණ



සඳ පතුරු එක දෙක
කවුළුවෙන් ගෙට පැන
යවුළු මෙන් ඇන ඇන
මරණීය රිදවුම් දෙවන සැණ,

'Sweet Dreams' දම්වැල්
කොට්ටා උරය මත්තේ
දත් විලිස්සා හිනැහෙන

සිඟිති රෝසය,
දල පෙති නූල් අඹරා
සැර සුවඳ බිඳු වගුරන
ක්ලෝරෆෝමය,
ස්මරණ කළුකුහර ඇතුලේ
සිහිවිකල් කරවන

රේන්දා ලොවිච්චිය 
පීරි ගා ගෙල කෙලවර
රෑ මැදියමේ ඇහැරන

'තියාගන්නම ගන්න'
කියා ඔබ කී හැටිත්
'නොයා ඉන්නම බැරිද?'
අහන්නට අමතකව ගිය හැටිත්
කඩ ඉරිවලින් ඇඳගෙන
'Sweet Dreams' නරඹමි
නිදි නොඑන ඇස් ඇරගෙන

1 comment:

  1. මල් නම් ඉතින්
    පිපෙයි පරවෙයි පෙති හැලෙයි
    ගහක ඉත්තක වුනත්
    කොට්ට උරයක මැහුණත්.....!

    ReplyDelete