Thursday, January 12, 2017

217. මලකටත් තියෙනවා අයිතියක් - තමන්ගෙම ආරකට සිපගන්න



ඉඳහිටෙක කටු තුඩක

කොපුල් පිරිමැදගන්න
රෝස කෙල්ලන් කැමති
සියුම් සීරුම් සහිත
සිපුම් කැළැලක් ඉතිරිකරගන්න


පිච්ච වතුසුද්ද නම්

ඉපදිලා ඉන්නේම සිල්ගන්න
ආත්මෙන් ආත්මෙට
එක හදවතක් දරාගෙන ඉන්න


ඉතිං තේරුම් ගන්න

මලකටත් තියෙනවා අයිතියක්
තමන්ගෙම ආරකට සිපගන්න


බැරිම වුනොතින් ගිහින්

සිල්ගන්න.

No comments:

Post a Comment