Thursday, July 23, 2015

82. කුඩා හෘදයාබාධද? පසු කම්පනද? නැත්තම් මදුරු කරදරද?






ඔබ ගියේ ඒ වගේ,
ප්‍රථම හෘදයාබාධය වගේ
ආශ්වාසය එකතැනම නවතලා
කතා නැති උගුර කට වේළලා
වියරු උල් නිය වැදුනු කළුවරත් සීරිලා

ඇහැරිලා බලනකොට
ලුණු වතුර ගොඩ ගලල
මං නහය ගාවට ගිලිල
කම්මුල් දෙකත් ඉදිමිල - ඇසුත් රතුවෙල

ඉන් පස්සෙ නිතර නිතරෝම
කුඩා ආඝාත වැළඳෙනව එක දිගටෝම
මදුරුවෙක් විද්දම වගේ
යාන්තම් නිය පිටින් අතුල්ලලා පිහදැම්මෙ
ඉඳල හිටලයි රෝස පාටට පළුවක් උනත් දැම්මෙ

කුඩා හෘදයාබාධද? පසු කම්පනද? නැත්තම් මදුරු කරදරද?
වෙන්කරල තේරුම් ගන්න මං නෑ දන්නෙ.
මමත් හිටිගමන් "චටස්" ගා අතුල් පහරක් දෙන්නෙ,
මිනීමරු මදහසක් හින්දයි, කට කොණක් යන්තමට එතකොට ඉස්සෙන්නෙ.


11 comments:

  1. කුඩා හෘදයාබාධද? පසු කම්පනද? නැත්තම් මදුරු කරදරද?

    තරහ අවසර බස්සී අක්කේ මේක තේරුන්නැනේ හයියෝ

    ReplyDelete
    Replies
    1. පළමු විරහව හෘදයාබාධයක් වගේ උනත් පහු වෙද්දි ඒවගේ දේවල්වලට පුරුදු වෙන්නෙ නිරායාසයෙන්. කාලයක් ගියාම මදුරුවා විදින්න කලින් තලල දාන්න පවා පුරුදු වෙන්න පුලුවනි.

      Delete
  2. වෙනස් කියන්නෙ වෙනස්ම වෙනස් සිතුවිලි ගොන්නක්
    ජයවේ බස්!!!

    ReplyDelete
  3. හිතන ලන්තේ කවියක් තරුණයා පත්තරේ පළවෙලා බස්
    වඩා සංවර ඩබල් ඩෙකරය ඔබ
    කියන්න විදියක් නෑ ඒකෙ කොමෙන්ට් දාන්න බෑනේ
    පුළුවන් නම් අමිලානියට කියන්න
    ජයවේ බස්!

    ReplyDelete
    Replies
    1. එයා පුවත්පත් කලාවේදිනියක් නිසා දැනටම දන්නවා ඇති. :)
      හිතනලන්තයෙ කමෙන්ට් දාන්න පුලුවනි.

      Delete
  4. මදුරු කේස් ඒකක් නෙමෙයි මං හිතන්නේ අර පැත්තකින් යන කඩියෝ ටික කාලාද කොහෙද????

    ReplyDelete
  5. කුඩා වුනත් හෘදයාබාධය
    අඬා වැටෙයි හීන මාළිගය
    නගන්නේ කෝහොමද මරණීය මදහස
    චටස් ගානවා තාම උඹ යන්න ගිය මතකය

    ReplyDelete
    Replies
    1. //චටස් ගානවා තාම උඹ යන්න ගිය මතකය//
      මරු!

      Delete
  6. අපෝ පව් වැඩ ඔවා!

    ReplyDelete