Saturday, July 11, 2015

72. ස්නේහය බිඳක් තවරා මෙහෙ එවනවද?



නිමිත්ත :
"ඇල්ප්ස් කඳු මුදුනෙහි" (ශසිකා අමාලි.) කවියට පිළිතුරකි.




නළලතට හාදු දී පැන යන්නෙ කඳුකර මදනල
ඔබේ ඉක්මන් සුස්ම පහරක් සිහිකර
පිණි බිඳු මතින් පිබිදේ කුඩා වක් දේදුණු
කුඩා නෙත් කැල්මන් වැනිව - පුබුදයි හදවත
මිණි ගිගිරි හසරැල් නදක් සිරි කැන්දා
සලසල හඬක් නගන්නේ දිය කඳුරකි

කුඩා චින්චැට් කිරිල්ලකගේ තටු මත
ස්නේහය බිඳක් තවරා මෙහෙ එවනවද?
රත් පැහැති තුරු පතක - කුරුමිණි අකුරෙන්
ආදරේ බවට කෙටි සටහනක් ලියනවද?



1 comment: