Thursday, July 9, 2015

68. මෝඩයෝ....!





පුන ගැයුම නිමවෙන්න කලියෙන්
එක්වරම මුව ගොළු වෙයි.
වෙණ තත් බිඳෙන හඬකින්
පින්සල් පහර ඇදවෙයි.

ලියා අවසන් නොවූ කවියක්
කසල බඳුනක සැඟවෙයි.
පියා ගන්නට නොදී නෙත් යුග
කඳුළු පොකුරක් දඟලයි

සීනු හඬ දෙනවා තමයි
සිනමාපටය හරි මැද,
උදෑසන පාඩමක් අවසන,
අල්තාරයට නගින්නට පෙර,
සීනු හඬ දෙනවා තමයි.
කුඩා ඉසිඹුවකට පෙර!

ඉන් පසුව කැරකෙන්නෙ පෘථිවිය 
පෙරට වැඩියෙන් ලලිත ගමනින්....

මෝඩයෝ,
සීනු හැඬුවේ විරාමයකට  පමණය!


No comments:

Post a Comment