Wednesday, July 22, 2015

77. ඔබ ඇවිත් යන බව





නවකතාවක කළු අකුරු 
බොඳවෙනකොට,
කෝපි දුම හුස්ම වැද 
විසිරෙනකොට,
හිස් තැනක් වුව මහ බරට
දැනෙනකොට,
හිස බමනකොට,

දන්නවා මම හොඳටෝම,
හිටිවනම ඔබ ඇවිත් යන බව
මේ වගේ අඳුරු හැන්දෑවරුවල


No comments:

Post a Comment