Friday, July 3, 2015
65. ඉඟුරු තේ තරම් උණුහුමයි ඒ උරහිස
අළුවන් කුසුම් පෙති දිගහැරේ දුම්වැටියෙන්
පඬුවන් වතෙහි මරකත මැණික් මෙනි දිලෙන්නේ ගැඹුරු දෙනුවන්
ඈත පෙරදිග රටකින් පැමිණි මැවුම්කරුවෙක්ද ඒ
මග දෙපස තුත්තිරිද හිස නමන්නේ ගරු සරුවෙනි
හැන්දෑව ලා දම් පැහැ කසී සළුවකි
ලදැරියක් විලස ඇවිටිලි කරමි – නිලා පොකුරක් අතැතිව
සැලෙයි රත් ල'දල්ලක්, ලයිටර හිසක් ඇවිලී
ඔබේ නෙත් තුල රඟන්නේ එක වගේ කෙල්ලන් දෙදෙනෙකි.
ඉසියුම් පුළුන් කැටියක්ව – වළාකුළු වෙත එසවෙමි
නිලා පොකුරෙහි ගිනි මල් ය වළා කෙහෙරැලි අතර තැන තැන
ඉසිලුම් නැතිව ඉපිලෙමි – මද පවනකින් සසැලෙමි
පීරි ගාමින් හද තත් – රෑසියන් සැඟවගෙන වයත් වෙණ
ඉඟුරු තේ තරම් උණුහුමයි ඒ උරහිස
ස්ටෙප්ස් බිමක් තරමට පුළුල් – හොඳටෝම වැඩියි එහි ඉඩකඩ
සදාකාලයටම ලැගුම් ගන්නට නොතරම්ය
නවාතැන්පොලක් නොව – ගිමන්හලකිය ආවොතින් යන්නම වෙන
සුහදාන සිහින් ස්වරයෙන් සිවුරුහන් ලන්න
අවසාන දුම් වළල්ලෙත් මල් පුබුදන්න
පිටවාන කඩාගෙන යන සුසුමක් තුල කිමිදෙන්න
නොදොඩාම කිසිත් හිස සැලීමෙන් පමණක්ම සමුදෙන්න
Subscribe to:
Post Comments (Atom)
දුම් දාන තරමටම පිච්චෙයිද හිත අස්ස?
ReplyDeleteඒකනම් ප්‍රස්නයක්! පිලිතුරක් නැති ප්‍රස්නයක්!
Delete"නොදොඩාම කිසිත් හිස සැලීමෙන් පමණක්ම සමුදෙන්න"
ReplyDeleteමේකට නම් හිත ඇදීලා යනවා!!
තැන්කූ රූපේ!
Deleteසුන්දරයි................. අගනේය
ReplyDeleteතැන්කූ කුරුටු!
Deleteකවිය ගැන පෝස්ට් එකේදි මොකුත් නොකීවේ මේක මෙතන තියෙනව දැකල.. උඹේ පෝස්ට් එක ගැන මාතලන් එතන කියපු දේ මං මෙතන කියනවා..
ReplyDeleteඋඹ බ්ලොග් වලට (විතරක්) හොඳ වැඩියි නගේ..
හෙහේ...! හොඳ වැඩියක් නිසාද මන්දා හිට් කවුන්ටරේනම් කැරකෙන්නෙ නෑ දැන්. කවි බ්ලොග බලන්නෙත් ඔයාල ටික දෙනා විතරනෙ.
Delete