Friday, October 9, 2015

140. චතුරංගනී සේනාව






සුදු තරමටම කළු 
කළු තරමටම සුදු
මහා චතුරංගනී සේනාව

සුදු සමෙහි පරම උරුමෙකි පළමු පියවර

නූස් පාබළ සෙබළුය
කරමුලින් ගෙන ඉදිරි පෙළටම ඇද දමන 
බෑ කියන්නට නොහැකිවම පෙරටම යන
බෙලි කැපී මැරි මැරී වැටුනත්
යාන්තම්වත් දුකක් නොගෙනෙන

කිරීටය දෝතට ගෙන
ඉනික්බිති රජු බළකොටුව තුල සැඟවෙන

විරලය නයිට්වරු
සෙබළ බළ ඇණි මතින් අසු පන්නන
රජුන් රැජිණන් පවා අස් කුර හඬින් සසැලෙන

සන්සුන් බිෂොප්වරු
පෙනී නොපෙනී මහා යුධ සැලසුම් අඳින
රහස් විසඳුම් හිස දරාගත් 'රුක්' තෙම 
විමසුම් ඇසින් ගොදුරු සොයමින් ඇවිදින

රැජිණ
හැඩකාර තරමටම වැඩකාර
අනායාසයෙන් යුධ බිම සිසාරා ඇවිදින
දිලෙන දිගු ලෝගුවෙන්
රජුට වුව රැකවරණ සලසන

කලාතුරකින් දිනෙක
කුඩා සෙබළෙක් සතුරු සීමා බිඳලන
ඉහළ නිල තල වෙතට එසැණින් එසවෙන

දුබලයන් මැරි මැරි වැටෙන
'ගේම් ඕවර්' නිසැක බව දැන
බලකොටුව තුලින් රජ මතුවෙන
මහත් ඔල්වරසන් මැද
මධු සාද ඇරඹෙන

අහෝ අනුවණ චතුරංගනී සේනාව!
විසල් අත් යුග දෙකක, 'චතුරංග සෙල්ලමට' මැදි වුන
රජුත් සෙබළුත් එක කුටීරෙක වැළලෙන්න නියමිත වුන

13 comments:

  1. මරු ඈ. ඔයැයි ඊයේ හිටියේ නැතෙයි... මාතර ගියයි..

    ReplyDelete
    Replies
    1. ඊයෙ අපේ කසින් අයියෙක් බැන්දා නෙව. දවසම පුල් බිසී.

      Delete
    2. කසින්න වගේ නං.. ඉක්මනට බේත් අරන් දෙන්න හොදේ.. හැක්

      Delete
  2. oyage kavi DIVAINA FRIDAY nathhe ei?

    ReplyDelete
  3. Sorry not Friday, Thursday WATAMADALA

    ReplyDelete
    Replies
    1. මම පුවත්පතකට කවි යවලා තියෙන්නෙ ඉස්කෝලෙ යන කාලෙ විතරයි. ඒවා පල වුනේ එක වතාවයි.

      ඉතින් මම පුවත්පත්වලට මගෙන් වැඩක් නැතැයි හිතලා සයිබර් ලියන්නෙක් උනා.
      දැන් සමහර පුවත්පත් මගෙන් අහන්නෙත් නැතුව මගේ ලියැවිලි ඒවායෙ පල කරනවා. (ගොඩක් අය කවි ගන්නකොට අහනවා හැබැයි.)

      ඉතින් එතකොට මගෙ යාලුවො ඒ පත්තරවල ෆොටෝ අරන් මට එවනව. ඒව මම ෆේස්බුක් සහ බ්ලොග් එකේ දානවා.

      මම පත්තර කියවන්න හොරයි. ඒ නිසා පත්තරේ යන ඒව ගොඩක් මට මගඇරෙනවත් ඇති...

      අනිවාර්යයෙන්ම ආසාවෙන් කියවන කලා පිටුව දිවයින වසත් සුළඟ.

      දිවයින වටමඩල කියන එකේ මගෙ කවි පලවෙන්න ඕනෙද? මම දන්නෙ නෑ!

      Delete
  4. බෙලි කැපී කැපී වෙටෙන උන් ගැන
    යන්තම්වත් දුකක් නොදැනෙන කොට ..
    මහ උන් දන්නේ කොහොමද..
    කැපෙන බෙලි ගණනින් වැඩිවෙන්න වැඩිවෙන්න..
    ලංවෙන බව තමන්ටත්
    'ගේම් ඕවර්' සංඥාව.. :/

    ReplyDelete
  5. සුදු තරමටම කළු
    කළු තරමටම සුදු
    මහා චතුරංගනී සේනාව//


    දුබලයන් මැරි මැරි වැටෙන
    'ගේම් ඕවර්' නිසැක බව දැන
    බලකොටුව තුලින් රජ මතුවෙන
    මහත් ඔල්වරසන් මැද
    මධු සාද ඇරඹෙන//

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete