Thursday, October 1, 2015

132. යුනිකෝඩමය ස්නේහයක පැවතීම






ඉසියුම් අකුරු පොකුරූ
පාරවන්නෙය හදක් අඳුරූ
ඉවසුම් කුමට 
සැනසුම් සුවඳ
හොය හොයා තව උරමි නුඹ ලිව් අකුරූ

වැහිකෝඩ ගෙනෙන බැව් සැක නැති 
කිරිකෝඩු කිව නොහැකි ස්නේහෙකි
මුකවාඩමින් වැසුන සෙව්වන්දියක තොල් පෙතී
යුනිකෝඩ මත සුසුවඳක් තවරා ඇතී

නිල් පැහැති වත්පොතක අහසෙහි
නිල් ට්විටර් විගඟුන් ගයද්දෙන්
නිල් ස්කයිප කවුළුව විවර වූයෙන්
නිල් දෙනෙතු රතු වෙලා යද්දෙන්
සිල් අරන් විඳගන්නෙ කෙලෙසක 
පෙම් පිරූ සුන්දරම කවිකම්

පින්සාර මහළු පන්හිඳ
විශ්‍රාම සුව විඳියි අන්ධව
සංසාර පුරුද්දට අවැසි නැත හසුන්ගත කවි පද
සල්ලාප පෙට්ටියෙහි පිපෙන්නෙත් කුසුමන්ය මනනද

දෙතොල් නොගැටෙන ඩිජිටල් හාද්දක කිමිදීම
සීරුම් කැළැල් නොපවතින
සීහුම් රසින් සැනසීම
රොමැන්තික භාවනාවකි
යුනිකෝඩමය ස්නේහයක
පැවතීම


2 comments:

  1. පට්ටයි..
    ජයවේවා!

    ReplyDelete
  2. කිරම පැහැ බිමෙක
    විසුරුවූ කවි
    ලොසින්ජර කැට
    ඇහිද යමි රසබලමි
    ම්ම්ම්...
    මන්මත්ය කවි සිත...
    පැණයක්ය
    අර කළු කුහුඹවො එන්නෙ
    කවි රසටද? කවි රසටද?....
    ජයවේ බස්සි අක්කා!

    ReplyDelete