රීඩ් මාවත පහුකරනකොට,
ඇස් හොයන්නෙම දම් පාට මල් කුඩ,
ගැස්සිලා යනව උරහිසට ඔබ වාරු වෙනකොට,
ඉස්සො වඩ, අන්නාසි අච්චාරු දකිනකොට,
ඉස්සර වගේ නෙමෙයි,
තෙත් වෙන්නෙ ඇස් කෙවෙනි අග....
නොදැක්කා වගෙ උන්නට
ඔයත් පුරහඳට කවි ලියන බව
ඉඟුරු තේ වෙනුවට කෝපි හදන බව - අහක හලන බව
හදවත් හැඩේ මාල පෙත්තක් අතගගා කල්පනා කරන බව
හොරෙන් ඇස් පිහින බව
දන්නවා මං හොඳටෝම!
මාස හයකුත් පහුවෙලා තිබුනට
තාම හුරු නෑ නේද
මේ ජීවිතේ අපිට?
hari pududmay.. mama me wedi ath windina de oyaa akuru karala.. Reid Ave eke mage jeevithe magaharunaa.. Pudumay..
ReplyDeleteමහා සාගරේකුත් මී පැණි බින්දුවකුත් තරම් ආදරේ කරපු හිතක් මාව දාල ගිහින් නොහිතපු විදියට. මම තවමත් පුදුමයෙන් මග බලන් ඉන්නවා. බොහොම අසරණ පාලුවකින්.
Deleteමම හිතන්නේ ඒක තරමක් දුරට පොදු අත්දැකීමක් වෙන්නැති. ගොඩක් අය අත්විඳින.
Delete