Wednesday, October 14, 2015

146. නමක් මොකටද කවියෙකුට?




හැල්මේ දුවන නගරෙක
බසයෙක කවුළුවක් අස
අහඹු සුළඟක් වැදෙන මොහොතක
හද මඳ ඉසිඹුවක් ලැබ
කවි කුසුම් පුබුදන්නැති
කුහුඹු පා සටහනක් තරමට 
කුඩා රොන් සුණු ඉහින්නත් ඇති
හයිලෙවල් පාරට - මග දිගට

නමක් මොකටද කවියකට
යාන්තම් හිත සසලවන
සුවඳක් තියා නික්මෙනකොට

මං අහන්නේ,
නමක් මොකටද
කවියෙකුට?


14 comments:

  1. නුගේගොය පාලමෙන් පහළ
    මහලු කත
    යාචක ලඳක්ය පොළවට
    නමුත් ඇය මවු කවි නිමිත්තක්ය
    කවියෙකුට...
    කටුපු වසුරෙන් බේරෙන්න
    බෝ ගස යටින් දිව යන
    මිනිසුන් අතර
    කපුටු පවුලත් කවි නිමිත්තක්
    කිවිඳියකට

    මම නම් කියන්නේ
    නමක් තිබුණ නම් හොඳයි
    කවියෙකුට....


    ප/ලි
    හරියට බස්සි වගේ නමක්

    ජයවේ බස්!

    ReplyDelete
  2. මම මේ කවියට පට්ට ලැයික්...

    ReplyDelete
  3. අැත්තට ම නමක් මොකටද??????

    ReplyDelete
  4. මේ හොද කවක්.මක්කැයි නමක්

    ReplyDelete
    Replies
    1. බ්ලොග්වල දානකොට - නැතුව බෑ ටයිටලයක්.

      Delete
  5. නමක් ඕනේ කවියෙකුට ,
    නක හදාගත්තට පස්සේ
    කවි ලිව්වේ නැතත් ඌට ජීවත් වෙන්න
    පුළුවන් නිසා

    ReplyDelete
    Replies
    1. එතනින් පස්සෙ
      ඌ කවියෙක්ම නොවෙනා එකනෙ ප්‍රස්නෙ

      Delete