Tuesday, October 6, 2015

137. ඉඟිකරන්නට එපා ඉරි කමිස!



ඉඟිකරන්නට එපා ඉරි කමිස!
හෙම්බත්ව මැරෙන්නට වැටුන වැරහැල්ලකි හිත,
අම්බානකට මල පැනල මට,
පුම්බගෙන ඉන්න අළුපාට අහසත් එක්ක.
දැන් ඉතින් ඔබ කියන්නේ,
හයිලෙවල් පාර මැද රතුරෝස පිපෙන්නට පුළුවන් බවද?

ඇත්තමයි ළමයෝ,
ඉස්සරම මම වුනත් හිතා උන්නේ එහෙම.

කපුටු කූඩයක් තියනකොට ඉහ උඩ,
ඔය වගේ අබලන් හීනත් ඉතා හැඩ,
මේ වගේ ගිනිපෙට්ටි නගරෙක,
ගිනි තියාගෙන දුවනකොට උදේ හිට,
රතු රෝස කියන්නෙත් ඇවිලෙනා ගිනි දළුවලට.
පිච්චෙනකම්ම ඔබටත් මටත් තේරුම් ගන්න බැරුවට!

5 comments:

  1. නගර සභාවෙ මහල්ලගෙන්
    හැංගිලා හිටියෙ බොහොම අමාරුවෙන්
    යද්දි ලස්සන යානවාහන
    ඉස්සිලා බැලුවෙ බොහොම උජාරුවෙන්
    මමත් දවසක වෙනවා මහ ලොකු ගහක්
    කොළඹ කැම්පසිය ළඟ මාමලා වගේ...
    හිතන් හිටියේ හිතුවක්කාර ඩැයිවරෙක්
    පොඩි කරන් යනකම් විතරයි
    මං....

    ලස්සනයි බස්!

    ReplyDelete
    Replies
    1. මේ කියන්නෙ රෝස මලක් ගැන වෙන්න ඕන? :)

      Delete
    2. සමහර විට පොඩි මාර/ නුග පැළයක් වෙන්නත් පුළුවන්

      Delete