Tuesday, July 28, 2015

85. ඒ ගැන කලබල විය යුතු නැත!






අළු ද දුඹුටුළු ද
කළු අඟුරු කුඩු කැබලිතිද
ලදළු, මල් පුබුදුවන 
පොහොරක්‍ ය.

කඳුළු වුව මල් මුවට
ඉහෙන පිනි වැස්සක්‍ ය.

රළු ගායනාවකට
සුළු ඉසිඹුවක් දෙන්නෙ
හඬ සීරුමාරු කරවන කුඩා කැස්සක් ය.


4 comments:

  1. හරිම ලස්සන අදහසක්,, අපිටත් කවි ලියන්න හිතෙනවා (ඒත් ලියන්නේ නෑ හොඳේ :D)

    ReplyDelete
  2. හ්ම්ම්
    නැවතුමක් නොව ඉසිඹුවක් විතරයි

    ReplyDelete