Tuesday, July 28, 2015

84. මත්ස්‍ය මැසිවිලි


නිමිත්ත :
"(කිඹුල්) කඳුලු" - ලිෂාන් පුවක්ඕවිට





ඇසෙයි නෑසෙයි 
මත්ස්‍ය මැසිවිලී,
නීල දිය, 
රම්‍ය ජලකර පුෂ්ප,
වස කම්මැලී,
දැකල දැකලාම
අමිහිරී
සිහිල් ගං දියරැළී.....

තරුණ කොක් 
මහතාණ,
ඉවුරු අස ගැවස ඇස්
ඉඟිපාන,
ඉන්න මම දිය මතට එමි පෙම
පුරවාන,
යංද අපි අල්ලන්න රන් පැහැ
ඉරපාන?

3 comments:

  1. මාළුවා කොකාට කෝචෝක් කරනවද මන්දා....
    තවත් ලස්සන ලොවි කසින්ජරයක්
    ජයවේ බස්!

    ReplyDelete
  2. ඇසෙයි නෑසෙයි
    මත්ස්‍ය මැසිවිලී,

    නෙපෙනීම දියවෙයි
    ඒ මත්ස්‍ය කදුලැලි

    නේද බස්සි අක්කේ.........

    ReplyDelete
  3. කොකා සමඟින් පෙමින් වෙලී..

    හිතන්නෙපා පිටමං වෙන්න හඳපාන :-)

    ReplyDelete