Tuesday, July 28, 2015

83. ලැව් ගින්න ඉවරය





පලින් පල
දැවුණු තෘණ පඳුරුය.
ලැව් ගින්න ඉවරය.

තවත් ගිනිමල් පිපේදැයි
ඔබ පිරික්සුම්,
ඇහෙත් තෙත – මහ බරයි හිත
මම නොරිස්සුම්,
පුළුටු සුවඳක් 
ශේෂ කර ඇත
පිළිස්සුම්...

සිඳු රළකි දෙපතුලට හාදු දී පැනයන්නෙ
ගම් නගර ගිලගන්නෙ,
කඳු හිසකි මිහිදුමට මුදු රහස් කොඳුරන්නෙ
හිසට ගල් පෙරළන්නෙ,
ආදරේ දුම් වළලු මුහුලසක දැවටෙන්නෙ
ගිනි පුපුරු විසිරෙන්නෙ,
සොම්නසින් නොවෙද දොම්නස උපදින්නෙ?

පලින් පල
දැවුණු තෘණ පඳුරුය,
දුම් වැදුණු කවි පොකුරුය,
ලැව් ගින්න ඉවරය....


2 comments:

  1. සාවුන් මුවැත්තියන් සේම වග වලසුන්ද ලැවු ගින්නෙන් දැවී යති.. නිවුණු එක කාටත් හොඳයි..

    ReplyDelete