Thursday, July 23, 2015

80. මනෝ ව්‍යාධියක්?





ඔබ ඔය කියන්නට යන්නේ,
ආදරය හිතළුවක් කියලද?

පෙන්ගුයින් මැහැල්ලක් වගේ
අත්ල සීතල වෙන එක
වදකාර මී මැසි පොදි
වම් කනෙන් හිස ඇතුලතට රිංගන එක
කහපාට බුල්ඩෝසර
රේස් දම දම හිත තලාගෙන දුවන එක

ඔබ ඔය කියන්නට යන්නේ,
මනෝ ව්‍යාධියක් කියලද?


4 comments:

  1. ආදරේ කියන්නෙ හිතළුවක්ද?
    වෙනස්
    ලස්සනයි
    ජයවේ බස්!
    මගෙ කවියක් තියෙනවා පුළුවන් නම් බලන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. බැලුවා මලයෝ.
      ආන් කමෙන්ටුවකුත් දැම්මා.

      Delete
  2. උඹලට තේරෙන්නෑ ඕයි
    ඒක හරියට
    පැස්බර බිත්තරකය හැංගුන
    ගෝරිල්ලෙක් බව..

    ReplyDelete