Monday, July 13, 2015

74. කවි අයිති මහපොළොවට


නිමිත්ත :
ඔබටය අයිති කවි - ෂසිකා අමාලි මුණසිංහ




ගඟක නිල් කෙහෙරැල්ල පසසන කිසිවෙක්
උල්පතක් ගැන යමක් කියනවද සුමිතුර?
කඳු හිසත්, ගල්පරත් ගැන කිසි වදනක්
කියන්නෙද දිය ඇල්ලක රැඳුනු විසිතුර?

මල් මුවක් වුව බලා ඉන්නේ
පිණි උරන හිරු රැසට බනින්නයි
ගං දියක් මුහුදට බසින්නේ
රැලි පොඩිති ගැන මුහුදටම ආවඩන්නයි

කවි කියන්නේ මොනවද?
කොහෙන් ඒ මතුවෙනවද?
ලියැවෙනව මිස ලියන්නට නොහැකිය වෙහෙස ගෙන,
කවි කියන්නේ එහෙමය.

කවි අයිති මහපොළොවට,
හඬන උන්ගේ කඳුලට, 
තැලෙන උන්ගේ සුසුමට,
මියෙන උන්ගේ රුහිරට.
කවි අයිති මහපොළොවට!!



4 comments:

  1. කවි කියන්නේ කවි කියන්නේ කවි කියන්නේ - අනේ මන්දා නිර්වචන දෙන්න අමාරුයි බං

    ReplyDelete
  2. කවි අයිති මහපොළොවට!!

    හදක් අැති සිත්වලට....

    ReplyDelete