Thursday, July 9, 2015

69. අඳුනන්නෙවත් නැතුවම






තේ බඳුන තුල ඉඟුරු සුවඳක්ව
මේකුලක සල අකුණු එළියක්ව
ගී පොතක අති උච්ච ස්වරයක්ව
වෙස්වලාගෙන ඉන්නටත් පුළුවනි ඔබ

කළු රෝස සුවඳක්ව 
අළු වළා කැටියක්ව
මුළු දවස තිස්සේම
ලුහුබඳිනවත් ඇති මම

මූණටම මුණ ගැහුනම
අඳුනන්නෙවත් නැතුවම!

- බස්සි -


මගේ මහත් ප්‍රහර්ෂයට හේතු වෙමින් ඉහත කවිය මානෙල් නැන්දා විසින් ඉතා මටසිලිටිව ඉංගිරිසියට පෙරලූවාය. මේ ඒ පද පෙරැළියයි.



A hint of ginger in my cup of tea
Lightening in a rain cloud
Ultra high note in a song played
You can be, in disguise!

Like a fragrance of a black rose
Or a fluff of cloud 
Chasing after you
That would be me!

Yet; 
When meet face to face
We don’t know one another!

- Translated by Manel K R Fernando -




12 comments:

  1. කවිය හා පරිවර්තනය දෙකම හොඳයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කලණේ!

      Delete
  2. මම දන්න කවි බ්ලොග්වලින් ආසම දෙකක් තියෙනවා. ඒ කවි ලොසින්ජරයි කඳුයි.
    ජයවේ බස්
    මේ වගේ ලස්සන කවි දිගටම ලියන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි!

      මං දන්න තව ලස්සන කවි තියෙන බ්ලොග් ටිකක් කියන්නද?

      - හිතනලන්තය : කාංචනා අමිලානි
      - සින්ඩරෙල්ලාගේ සපත්තුව : රසිකා ගුණවර්ධන
      - මෝසම් සඳ : මංජුල වෙඩිවර්ධන
      - ද සහන් : සහන් පද්මසංඛ පීරිස්
      - හිත මිතුරු සුළඟ : ප්‍රසස්නා සමරවීර
      - පිනි : තුශාරිකා ඇන්තනී

      Delete
    2. ස්තූතියි ගොඩක්ම
      පුළුවන් වෙලාවක මගේ http://warnakulakaya.blogspot.com බ්ලොගයටත් එන්න. ඔබ වැන්නියකගේ උපදෙසක් මාව දිරිමත් කරාවි
      ජයවේ බස්!

      Delete
    3. ඔන්න එහෙනම්! බොහොම ස්තූතියි මට කවි කියවන්න - හිතන්න - ලියන්න, අලුත් ගිමන්හලක් හොයලා දුන්නට. අපූරුයි ඒ කවි.

      Delete
    4. ආයෙත් තෑන්ක්ස් අක්කේ.
      සේරම ෆලෝ කළා
      ජය!

      Delete
  3. බස්සිගේ නවාතන හරිම ෂෝක් .. එච්චරයි..

    ReplyDelete
  4. The banduna thula inguru suwanda" . Beautiful line!

    ReplyDelete
  5. The banduna thula inguru suwanda" . Beautiful line!

    ReplyDelete