Monday, July 6, 2015

66. මිස්ටර් ට්රොට් මේ මෙහෙ බලන්ඩකො






මිස්ටර් ට්රොට්, කැත මහලු ගෙම්බෝ
විස්ම විජ්ජා නැද්ද උඹ ලඟ
යෝධ ගුරුලෙක් හංගගෙන ගිය
අම්ම ආපහු ගෙනත් දෙන්නට

ඔව් ඉතින් ඈ කිව්ව අඬ අඬ
ගේනවලු මල් ගවොම්, කලිසම්
පාට පොත්, බෝනික්කො කෙල්ලන්
වයින් වඳුරෙක් නටන වන්නම්

ජෑම් බරණියෙ දළඹු නෝනේ
උදේ හිට කෝ කොයිද නැතුවා
ආත්තම්මට කියන ගානේ
'ඈහ්' කියලා කනක් කැසුවා

ඊයෙ අලුතෙන් ආව ටීචර්
තාත්තෙක් ගැන කවි ලියන්නලු
අතක් උස්සල කවුද ඇහුවම
අම්මගෙන් විස්තර අහන්නලු

ඔය අස්සෙ අර මෝඩ ටොමියා
වැටේ හැපිලා කනක් ඉරිලා
උඩුබුරාගෙන ඌ අඬන්නෙම
බෝල සූකිරි ඕන කියලා

මේන් මේ සුදු බළල් තඩියට
අයිස් පලමක් කන්ඩ ඕනෙලු
මිස්ටර් ට්රොට් මේ මෙහෙ බලන්ඩකො
තවත් රුපියල් දෙකයි මට අඩු



12 comments: