Tuesday, September 1, 2015

106. කපුටු සිහින





පොලිස් පාක් එක අද හරිම කලබල
ට්‍රම්බෝනෙ අහසටම කට බලියාගෙන
ඇකෝඩියනෙකි මහ හඬින් බෑඟිරි තලන
සයිඩ්ඩ්‍රම් කටුකුටු රහස් මුමුණන - සිම්බල් එක්වරම සසැලෙන
මාර අතු ඉති අනුනාදවී බිම හැලෙන

මේ ජීවිතේ මොකටද!
ස්වර කෑලි ඇනිලාම අත්තටු හීරෙන
මටත් ඕනෑ සන්නාහයක් පළඳින්න

පිත්තල බොත්තම් අපූරුය - පදක්කම් මහ උජාරුය
හොටය තඹ පාටින් ටින්ට් කරගන්නමයි හිත
වියදම තමයි ප්‍රස්නය
කාකි අස්සයෙක්ගේ පිට උඩ - ගැස්සි ගැස්සී හැල්මෙ යනකොට
පියාඹනවා වගෙද? මොන සැහැල්ලුද!
පිහාටුත් අවුල් වෙන එකක් නැහැ හුළඟට

අර දිග කොණ්ඩකාරිය මා දිහා හොරැහින් බලන
ඇහැක් ගැහුවා වගේ පෙනුනේ හීනෙන්ද?
කපුටු කූඩයකටම වටිනා කොණ්ඩය
ආදරේ කියන්නටමයි හිත
හොට ටින්ට් කරගන්නකම් පොඩ්ඩක් ඉවසන්න
පදක්කමකුත් තිබුනනම් අද මමත් හැන්ඩ්සම් කොල්ලෙක් ය


9 comments:

  1. කපුටෙක්ගෙ සිතුවිල්ලක් නේද?
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඔව් මෙන්ඩෝ.... එකපාරටම ගෙස් කලා නේද?

      Delete
  2. හොට ටින්ට් කරගන්නකම් පොඩ්ඩක් ඉවසන්න

    කපුටටත් හිතෙන දේවල්....

    ලස්සනයි බස්සි අක්කේ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා!
      ඒකනෙ ඒකනෙ. කපුටොත් දැන් හරි ඇඩ්වාන්ස්.

      Delete
  3. හැම් බේකන් පාන් චීස්
    අලුත් මාළු කොළ ඇපල්
    කනකොට අපි අනිත් වුන්
    හිතන්නේ සත් කියලා
    ඒත් අපිනෙ දන්නෙ
    මේ
    අනුන්ගෙ ඉඳුල් කියලා...


    ලස්සනයි බස්සියෝ...

    ReplyDelete
    Replies
    1. සත් යන්න පෝසත් ලෙස නිවැරදි විය යුතුය

      Delete
    2. ගොඩක් ලස්සන කවියක්. බ්ලොග් එකේ දාන්නකො. :)

      Delete
  4. අඩෙහ්, පට්ට ඈ..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ඉඳිකටුස් අයියේ!!! :D

      Delete