Friday, September 11, 2015

117. පිටත වැහි එහෙමමයි




වීදුරු කවුළු මත
මිහිදුම් කැටිති වැතිරෙයි
නියොන් කහ එලිය වැද
අහඹු කඳුලක් දිලිසෙයි

අකීකරු ඇඟිලි තුඩු
තෙත් වීදුරුව මත ඇවිදියි
කුඩා හදවත් ලකුණු ශේෂවෙයි

ඉනික්බිති,
ගවොම් කර මත දිය පැල්ලමක් ඇඳෙයි
නොයිවසුම් අතකින්
හදවත් මැකෙයි
පිටත වැහි එහෙමමයි
උඳුන් දර කොඳුර කොඳුරා ඇවිලෙයි


2 comments:

  1. පිටත වැහි එහෙමමයි ,
    ඇතුලතින් හැමදාම ඇවිලෙයි ....
    මැකී ගිය හදවත් යලි ඇඳෙයි ..................
    කියා සිතමින් කල් ගෙවෙයි

    පිටත් වැහි නැවතෙයි
    ඒත් ඇතුලතින් තවම ඇවිලෙයි
    මැකී ගිය හදවත් යලි ඇඳෙයි ..................
    කියා සිතමින් කල් ගෙවෙයි

    ReplyDelete