Tuesday, September 1, 2015

107. මට හැකියි විස්මයෙන් මුසපත් වෙන්න





ඔබේ හිස් දෑත මට පෙන්වන්න
ඒ මතින් රතු රෝස කළඹක් පුබුදන්න
මට හැකිය මවිතයෙන් ඇස් දල්වන්න
කබායේ ඇමිණුන රෝස කටු නොදැක්කා වාගේ ඉන්න

ඔබ පළිඟූ බෝල දොළහක් කරකවන්න
රිදී දිස්නෙන් මට හැකිය මුසපත් වෙන්න
පළිඟු හතරක් අතුරුදන් බව 
තුනක් කුඩු පට්ටම් බව
මට හැකියි තත්පරෙන් අමතක කරලන්න
අත්ල කකියන වැරෙන් අත්පොළසන් දෙන්න

ඔබ මැජික් තොප්පියෙන් හාවෙක් අරගන්න
උගේ දිගු කන්වලින් අල්ලා සොලවන්න
මට හැකිය සිහින් ඉකියක් හිනාවක හංගන්න
"නීනෝව අත හැරපන්"යැ රහසිනුදු නොකියන්න
ඔබ හරිම සමතෙකැයි ඔල්වරසන් දෙන්න

දිලිසෙන්න උල් පාවහන් ඔප නංවන්න
උස් මැජික් තොප්පියේ රන් තරු ලකුණු අමුණන්න
කළු ලෝගුවේ කුඩා හදවත් අලවන්න
බොරු උඩු රැවුල පීරන්න, ටයි ගැටය සකසන්න
මට හැකියි තව විස්මයෙන් මුසපත් වෙන්න
යලි යලිත් ඔබ වෙනුවෙන්ම ඡන්දය දෙන්න


18 comments:

  1. මටත් හැකිනම් විශ්මයෙන් මුසපත් වෙන්න

    ReplyDelete
    Replies
    1. "හැකිනම්" කියන්නේ දැනට එහෙම බෑ කියන එක වෙන්නැති?

      Delete
  2. ඒක නිකන් කලටිපොල් කවියක් වගේය. ලස්සනයි, සරලයි.

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න පුලුවනි. ස්තූතියි!!

      Delete
  3. ජීවිතය රංග මඬලකි.. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට එහි රඟන්නට සිදුව ඇත..

    ReplyDelete
  4. සුදු ලේ්න්සුව ගුලි කර
    සුදු පරවියෙක් මවන්න
    පුළුවන් මට මවිත වෙන්න
    කටු ගැසූ තටු නොදුටු ලෙස ඉන්න

    බස්සනයි ලස්සි අක්කේ
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණ මලයා!

      Delete
  5. අපි ක්ජවදත් මුසපත් වෙන්න ආසයි නේ

    ReplyDelete
    Replies
    1. ජානගත ලක්ෂණයක් වෙන්න ඕන.

      Delete
  6. බස්සි අක්කටත් හිතෙන දේවල්

    ReplyDelete
    Replies
    1. එහෙම තමා මොලේ පුස්කාපුවාම. :P

      Delete
  7. උඹ වෙනුවෙන්

    අතුරුදන් වෙමි,
    කවන්ධ වෙමි,
    රුදු කිනිසි පහරින් නොසෙල්වෙමි...

    පාවෙමි,
    ගිලෙමි,
    කැබලි වෙමි.

    යලි

    ඔල්වරසන් ඉල්වා දෙමින්
    වෙන තැනකින් මතුවෙමි......

    ඇස්බැන්දුම් බව
    නොසිතමි...

    වරක් හෝ එසේ වනතුරු
    දින ගනිමි!



    http://upekshad.blogspot.com/2015/01/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. ගහගනින් උපේක්ෂා ඔළුව කළු ගලක,,,

      බස්සි ,,,උපා බොලා දෙන්නටම පිස්සු...
      ඔව් ..හොඳටම පාවෙලා කැබලි වෙලා ගිලෙනවා අනේ අම්මේ
      හිනා යනවා පෙත්ත ගනින් ඉක්මනට
      අන්තිමට ඉතුරුවෙන්නේ කුදුවෙච්ච හිතක් විතරයි බන්..

      Delete
    2. උපයා! ඒ කවිය මාරයි. මම ඔයාගේ කැමතිම කවියක්.

      Delete
    3. අනික, උපයා මේ කවිය උඹ මේ දවස්වල ලියන කතාවෙ තේමා ගීතය විදියටත් ගලපගත්තැකි. :)

      Delete
  8. අපි මුසපත් වෙලාමනේ ඉන්නේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඕ යෑස්! සදාකාලික සිහිනමය මූඩ් එකක.

      Delete