පොලිස් පාක් එක අද හරිම කලබල
ට්‍රම්බෝනෙ අහසටම කට බලියාගෙන
ඇකෝඩියනෙකි මහ හඬින් බෑඟිරි තලන
සයිඩ්ඩ්‍රම් කටුකුටු රහස් මුමුණන - සිම්බල් එක්වරම සසැලෙන
මාර අතු ඉති අනුනාදවී බිම හැලෙන
මේ ජීවිතේ මොකටද!
ස්වර කෑලි ඇනිලාම අත්තටු හීරෙන
මටත් ඕනෑ සන්නාහයක් පළඳින්න
පිත්තල බොත්තම් අපූරුය - පදක්කම් මහ උජාරුය
හොටය තඹ පාටින් ටින්ට් කරගන්නමයි හිත
වියදම තමයි ප්‍රස්නය
කාකි අස්සයෙක්ගේ පිට උඩ - ගැස්සි ගැස්සී හැල්මෙ යනකොට
පියාඹනවා වගෙද? මොන සැහැල්ලුද!
පිහාටුත් අවුල් වෙන එකක් නැහැ හුළඟට
අර දිග කොණ්ඩකාරිය මා දිහා හොරැහින් බලන
ඇහැක් ගැහුවා වගේ පෙනුනේ හීනෙන්ද?
කපුටු කූඩයකටම වටිනා කොණ්ඩය
ආදරේ කියන්නටමයි හිත
හොට ටින්ට් කරගන්නකම් පොඩ්ඩක් ඉවසන්න
පදක්කමකුත් තිබුනනම් අද මමත් හැන්ඩ්සම් කොල්ලෙක් ය
කපුටෙක්ගෙ සිතුවිල්ලක් නේද?
ReplyDeleteඑල ද බ්‍රා
ඔව් මෙන්ඩෝ.... එකපාරටම ගෙස් කලා නේද?
Deleteහොට ටින්ට් කරගන්නකම් පොඩ්ඩක් ඉවසන්න
ReplyDeleteකපුටටත් හිතෙන දේවල්....
ලස්සනයි බස්සි අක්කේ....
තැන්කූ වේවා!
Deleteඒකනෙ ඒකනෙ. කපුටොත් දැන් හරි ඇඩ්වාන්ස්.
හැම් බේකන් පාන් චීස්
ReplyDeleteඅලුත් මාළු කොළ ඇපල්
කනකොට අපි අනිත් වුන්
හිතන්නේ සත් කියලා
ඒත් අපිනෙ දන්නෙ
මේ
අනුන්ගෙ ඉඳුල් කියලා...
ලස්සනයි බස්සියෝ...
සත් යන්න පෝසත් ලෙස නිවැරදි විය යුතුය
Deleteගොඩක් ලස්සන කවියක්. බ්ලොග් එකේ දාන්නකො. :)
Deleteඅඩෙහ්, පට්ට ඈ..
ReplyDeleteතැන්කිව් ඉඳිකටුස් අයියේ!!! :D
Delete