Wednesday, September 16, 2015

122. සුළිසුලං අතර



ඔබ 
සුළි සුළඟක්ව පැමිණෙන
මහත් කළබල අවසන
අසුරු සැනෙකින් නික්මෙන

මතක කැබැලිති විසිරෙන
දශක ගණනක සිතුම් ඉපිලෙන - ඉහලට නැගෙන
හීන් හිරිකඩයකින් නෙතු තෙමෙන
මම
සුළි සුලං සුළි අතර වියරුවෙන් මෙන් සසැලෙන

3 comments:

  1. සැදෑ කළුවර කුර ගගා විත්
    ඔබේ පැල්පත මගේ දසුනින්
    ඈත් වූ සද මගෙ සරා සද
    තනිවෙලා මා තනිවෙලා...ආ...

    වළාකුලකුදු නොමැති අහසේ
    මලානික වූ ‍මගේ සිතුවිලි
    ගල් ගැසී ඇත පාළු වී ඇත
    කදුල පමණක් රජවෙලා...ආ...

    සැදෑ කළුවර...//

    ඔබේ ලෝකය මගේ ලෝකය
    අතර ඇත්තේ රැයක් පමණයි
    ගව්ගණන් දුර ජීවිතේ බර
    මගේ හිස මත බරවෙලා...ආ....

    සැදෑ කළුවර...//

    ගායනය - විශාරද නන්දා මාලිනී
    පද රචනය - මඩවල එස්. රත්නායක
    සංගීතය - විශාරද නන්දා මාලිනී

    ReplyDelete
  2. පහන් සිල මම
    නොසැලි හිමි
    මද පවන වන තුරු
    සුළිසුළඟ නුඹ...

    ReplyDelete
  3. ප්‍රේමයට මන්ද මාරුතයක් සේම චණ්ඩ මාරුතයක් වන්ටද පුළුවන....

    ReplyDelete