Friday, September 11, 2015

119. අන්තරාදායකයි ගැඹුරු බළල් ඇස්!





ඇඩිඩාස් විලවුන් බිඳිති අහුරකි
හිස ඉහල අදින නොහික්මුණ නැහැතුඩකි
ගෙල රිදෙන බව හැමවිටම මතකයෙන් ගිලිහෙන්නෙකි.

ලා දුඹුරු
මහ ගැඹුරු
මද අඳුරු
දෙනෙතකි

නොපෙනෙන්න දිය සුළි
මල්වැඩ දමා ඇති සුදෝසුදු පෙණ රැලි
වියරු අකුණක් සැඟව තිබුනත්
ප්‍රේමණීයයි සල විදුලි එලි

සංතාප සෙවණැලි මකාලනු වස්
සංවේගයෙන් වුවද
සංගායනා කරමි
"අන්තරාදායකයි ගැඹුරු බළල් ඇස්!"



6 comments:

  1. ලස්සනයි.... ජයවේවා

    ReplyDelete
  2. තැන්කූ ඔයාල තුන්දෙනාටම!!

    ReplyDelete
  3. බසු කවි ටිකක් කියෝලා යන්න ආයෙත් ආවා මේ පැත්තට...කියවන්න පටන් ගත්ත එකම මරු ඈ.....

    ReplyDelete