Friday, September 11, 2015

116. නොසිදුවිය යුතු යමක් සිදුව ඇත!



නිමිත්ත :

චූල ගායිකාව, ගෝත්‍රිකාව, නොසිදුවීම් කිහිපයක් යන කෙටිකතා පොත් කතෲ, නොසිදුවීම් බ්ලොග් අඩවියෙහි රචක, කවියෙක් සහ කෙටිකතාකරුවෙක් වූ සමර විජේසිංහයක් පසුගිය සැප්තැම්බර් හතරවැනිදා වළාකුළු අතර සුවිසැරියට නික්ම ගිය බැව් දැනගන්නට ලැබුනේ අදය, පුරා සතියකට පසුවය.




අපි නොසිහියෙන් ඇවිදිනත'ර
එක් බරැති පා සටහනක් අතුරුදන් බව අමතකම කර
වස්සාන සෘතුවෙහි පළමු වැහිපොද මගහැර
වළාකැටි වෙතට නික්මී ඇත සමර

අඳුරු සිසිරෙක උණුහුමට
සමරු කවි සුවඳ පමණකිය සැමරුම
දැදුරු හිත් අතර තැවරුන
සමර සැමරුමකි යලි නොමියෙන


4 comments:

  1. හිතේ මහා පාළුවක් හා කම්පනයක් ඇති කළ පුවතක් . අතරින් පතර වුනත් මා සමරව කියවා තිබුනා. ඇත්තෙන්ම ඔහු සුන්දර කවියෙක්

    ReplyDelete
    Replies
    1. මාව වඩාත් කම්පනයට පත් කලේ ඔහු නික්ම ගොස් පුරා සතියක් ගතවෙනතුරු අපි ඒ ගැන හාංකවිසියක් නොදැන සිටීමයි. අපි කොයිතරම් අන්ධද?

      Delete
  2. සුබ ගමන් සමර !
    අසිහියෙන් මෙන් ඇවිදින අපත'ර
    රැඳි නොරැඳි සුසුමන් ලියනත'ර
    විගස ඉගිලී නික්මුනත් අතැර
    පහද ගනුමැන අනියත මෙසසර

    ReplyDelete
    Replies
    1. සමරගේ ලියැවිලි කියවා ඇත්නම් සසර අනියත බව පහදා ගැනීම අසීරු නැහැ දිලිනි. :)

      Delete