Tuesday, September 8, 2015

114. සබන් පෙණ






ඔබ ගුම් සරින් අපැහැදිලි රහසක් කියන
මුදු කම්මුලක පියපත් බමන පහසක් දැනෙන
දෙබැම හැකිලෙන 
කිතියකින් ඇස් වැසෙන

සබන් පෙණ බුබුළුය
වෛවර්ණ දේදුනු පිපෙන
'ගලගල' නදින් දිය පෙතක් හසරැලි නගන
සබන් පෙණ අතර මම අහසට නැගෙන

ඉනික්බිති බිඟු දල පහරක්
හාදු අහුරක් වැදෙන
'සටසට' නදින් පෙණ බුබුළු එක දෙක බිඳෙන
දිවා ස්වප්නය බිඳෙන

දුම් කැරලි මා වට බමන
කුඩා අළු පැහැ වළා මෙන් ඇහැ රවටන
හිරු රැසක් ඇහිපිය කොනිත්තන
ගවොම් සායෙහි කුඩා බිඟු පියපතකි - ඇස ගැටෙන - සිත නොගැටෙන

4 comments:

  1. කඳු නංගි නැති එකේ උඹ හරි හොදයි අද.. බස්සියෝ.. හැක්

    ReplyDelete
    Replies
    1. කඳු අක්කා ටික දවසකට විශ්‍රාම අරගෙනලු.(නිල නොලත් ආරංචියක්)

      Delete